
සබ්මැරීනයක් අනතුරක -6 දෙනෙකු මරුට
ඊජිප්තු රතු මුහුදේදී සංචාරක සබ්මැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.
එම අනතුරෙන් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර සබ්මැරීනයේ සිටි 29 දෙනෙකු බේරා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ සබ්මැරීනයේ සිටි සියලු දෙනා රුසියානු ජාතිකයින් වන අතර මුහුදු වෙරළ සහ කොරල්පර සඳහා ප්‍රසිද්ධ රතු මුහුදේ ජනප්‍රිය සංචාරක නිකේතනයක් වන Hurghada හි වරාය ආසන්නයේ දී එය ගිලී ගොස් තිබෙනවා.
සබ්මැරීනය ගිලීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ සබ්මැරීනයේ සිටි සංඛ්‍යාව සම්බන්ධයෙන් ද නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.