සබ්මැරීනය පුපුරා යාමකින් ජීවිත අහිමි වූවාද ?

සබ්මැරීනය පුපුරා යාමකින් ජීවිත අහිමි වූවාද ?

කැනේඩියානු නෞකාවක් මගින් අතුරුදන්වූ සබ්මැරීනයේ ප්‍රධාන කොටස් පහක් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම සුන්බුන් සොයා ගෙන ඇත්තේ සුන්බුන් වූ ටයිටැනික් නැවේ සිට මීටර් 480ක් පමණ දුරින් බවයි පැවසෙන්නේ

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගිය සබ්මැරීනය පුපුරා ගොස් එහි සිටි පස්දෙනාම මිය ගිය බව බලධාරීන් විසින් තහවුරු කරනු ලැබුවා

ඔවුන්ගේ පවුල්වල අය මේ පිළිබඳව ප්‍රකාශ නිකුත් කර ඇති අතර ලොව පුරා ජනතාවද ශෝකය ප්‍රකාශ කර තිබෙනවා

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසන්නේ පිපිරීම සිදුවූයේ කවදාද කොහේද යන්න තවමත් නොදන්නා බවයි

මේ වනවිට සෝදිසි කිරීම අවසන් වෙමින් පවතින බවද එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This