සබ්මැරීනය පුපුරා යාමට හේතුවූ කරුණු ගැන විමර්ශන ඇරඹේ (VIDEO )

සබ්මැරීනය පුපුරා යාමට හේතුවූ කරුණු ගැන විමර්ශන ඇරඹේ (VIDEO )

ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා ගිය සබ්මැරීනය පුපුරා යාමට හේතුවූ කරුණු සෙවීමට එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා

එහි ප්‍රධාන විමර්ශක කැප්ටන් Jason Neubauer පවසා තිබෙන්නේ විමර්ශනවල ප්‍රමුඛතාවය ලබාදෙන්නේ සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීම සඳහා බවත්, ජීවිත අහිමිවූ අයගේ කොටස් හමු වුවහොත් ඒ සඳහා පියවර ගන්නා බවත්ය.

ව්‍යසනයට හේතුව කුමක්ද යන්න තහවුරු කිරීමට උත්සාහ කරන බවත්, අනාගතයේදී මෙවැනි ඛේදවාචක වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන බවත් කැප්ටන් Jason Neubauer වැඩිදුරටත් පවසා තිබෙනවා

මෙම විමර්ශනය කැනේඩියානු බලධාරීන් ,එක්සත් රාජධානියේ සහ ප්‍රංශ බලධාරීන් සමග එක්ව ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ

විමර්ශනය මේ වන විට එහි මූලික අදියරේ පවතින අතර යානයේ සුන්බුන් සොයා ගැනීමේ උත්සාහයන් සිදු වෙමින් පවතින අතර සබ්මැරීනයට අදාළව ප්‍රධාන කොටස් පහක් මේ වනවිට සොයාගෙන තිබෙනවා .

කැප්ටන් Jason Neubaue වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ප්‍රතිසාධන මෙහෙයුම් වලදී මිනිස් අවශේෂ සොයා ගන්නේ නම් විමර්ශකයින් සියලු පූර්වාරක්ෂාවන් ගන්නා බවයි.

විමර්ශනය එය අවසන් කිරීමට කොපමණ කාලයක් ගතවේද යන්න තහවුරු කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කරනවා

මෙම සබ්මැරීනය ජුනි 18වන දින ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා පිටත්ව යාමෙන් පසු එය පුපුරා යාමෙන් එහි සිටි පුද්ගලයින් පස්දෙනාම ජීවිතක්ෂයට පත් වුණා

Share This