“සමථකරණ (සිවිල් සහ වාණිජ ආරාවුල්)” පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය

“සමථකරණ (සිවිල් සහ වාණිජ ආරාවුල්)” පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “සමථකරණ (සිවිල් සහ වාණිජ ආරාවුල්)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවත්, පාර්ලිමේන්තුවට පැමිණ ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බවත් කථානායකවරයා සඳහන් කළා.

Share This