සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්‍පතට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්‍පතට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්‍පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බැලීමෙන් පසු අනුමැතිය දී තිබෙනවා.

ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානතයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ වාණිජ සමථකරණය සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිණිස විශේෂයෙන්ම සකස් කරන ලද 2000 අංක 44 දරන වාණිජ සමථකරණ මධ්‍යස්ථාන පනත තාක්ෂණික හේතු සහ සීමාවන් කිහිපයක් හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවයි.

ඒ අනුව අදාළ එම පනත පරිච්ඡින්න කිරීම, වාණිජ සමථකරණය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවම ප්‍රමිතින් ඇතුළත් කිරීම සහ අදාළ නියමයන් සපුරාලීමට යටත්ව අධිකරණ පද්ධතිය මඟින් සමථකරණ විසඳුම් බලාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම යන අරමුණු සහිතව එම නව පනත් කෙටුම්පතක් සකස් කර තිබෙන බව එම නිලධාරීහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

දැනට පවතින නෛතික රාමුව තුළ විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් ලෙස අනිවාර්ය සමථ කරණය පිළිගනු ලැබුව ද, ස්වේච්ඡා සමථ කරණය සම්බන්ධයෙන් එහි දායකත්වය අල්ප බව කාරක සභවට කරුණු දක්වමින් අමාත්‍යංශ නිලධාරීන් තවදුරටත් පැහැදිළිකර තිබෙනවා.

Share This