
සමන් ලාල් ප්‍රනාන්දු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
මග නැඟුම නාගරික අභ්‍යන්තර මාර්ග හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනට කොන්ත්‍රාත්තු 112 ක් තම අභිමතය පරිදි ප්‍රජාපාදක සමිති 12 කට ප්‍රදානය කළැයි කියන සිද්ධියකට අදාළ අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (10) නියෝග කළා.
මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අද දහවල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.
සැකකාර හිටපු නගරාධිපතිවරයා අදාළ කොන්ත්‍රාත් ප්‍රදානය කර මුදල් ගෙවීමේදී ගිවිසුම්ගත පාර්ශ්වයට හැර වෙනත් පාර්ශ්ව වෙත මුදල් රෙගුලාසිවලට පටහැනි ලෙස මුදල් ගෙවා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
එමෙන්ම අදාළ ව්‍යාපෘති සඳහා නීති විරෝධී ලෙසත් , අයුතු සහගත ලෙසත් මැදිහත්වීමෙන් ‘දූෂණය’ නමැති වරද සිදුකර ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ සැකකරු දහවල් 12.50ට පමණ එම චෝදනාව කියා දී අත්අඩංගුවට ගත් බවත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන අවසන්ව නොමැති බවයි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
එදිනට විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළා.