සමරිසි කොඩියක් නිසා චීන සිසුවියන් දෙදෙනෙක් අධිකරණයට

සමරිසි කොඩියක් නිසා චීන සිසුවියන් දෙදෙනෙක් අධිකරණයට

චීනයේ Tsinghua විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙකු එරට අධ්‍යාපන අමාත්‍යංශයට එරෙහිව නඩුවක් ගොනුකර තිබෙනවා.

ඒ විශ්වවිද්‍යාලය තුළ රේන්බෝ ෆ්ලෑග්ස් 10ක් දමායාම හේතුවෙන් ඔවුන්ට එරෙහිව ගත් විනය ක්‍රියාමාර්ග අවලංගු කර දඩුවම සමාලෝචනය කරන ලෙස ඉල්ලමින්.

රේන්බෝ ෆ්ලෑග්ස් නමින් හඳුන්වන මෙම කොඩි සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් වෙනුවෙන් භාවිතා කරන කොඩියක් වන අතර මෙම කොඩිය විශ්වවිද්‍යාලය තුළ බෙදාහැරීම වරදක් වන බවයි විශ්වවිද්‍යාල විනය කමිටුව පෙන්වා දී ඇත්තේ.

විශ්වවිද්‍යාලය තුළ හුවාං සහ ලී යන වාසගමෙන් පමණක් හඳුනා ගන්නා මෙම සිසුවියන් දෙදෙනා මාස 06ක් තිස්සේ දඩුවම් ලිහිල් කරන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එසේම පසුගිය සඳුදා(පෙබ 20) බීජිං අංක 1 අතරමැදි මහජන අධිකරණයට මෙම පෙත්සම ගොනු කර ඇති අතර මේ අවස්ථාවේදී ඔවුන්ට සාධාරණයක් ඉටු නොවන්නේ නම් නොකඩවා මේ වෙනුවෙන් සටන් කරන බවද එම සිසුවියන් දෙදෙනා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

සංවේදී ලෙස සලකනු ලබන සහ වාරණය කරනු ලබන සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික සහ විචක්ෂණශීලී (LGBTQ) අයිතිවාසිකම් පිළිබඳ ප්‍රසිද්ධියේ කතා නොකරන පරිසරයක දිගින් දිගටම මේ වෙනුවෙන් පෙනීසිටීම සම්බන්ධයෙන් නීති උපදේශකයන්ද මෙම සිසුවියන් දෙදෙනා අගයන කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

Share This