සමරිසි විවාහ ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමේ සූදානමක්

සමරිසි විවාහ ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමේ සූදානමක්

සමරිසි විවාහ සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉන්දියාවේ සමරිසි පුද්ගලයින්ට නීත්‍යානුකූලව විවාහ වීමට නීතිය වෙනස් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී එරට අධිකරණය විසින් විභාග කරනු ලැබුවා.

රජය සහ ආගමික නායකයන් මේ සම්බන්ධයෙන් සමරිසි සංගම්වලට දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කර තිබෙනවා

අගවිනිසුරු ඩී වයි චන්ද්‍රචුඩ් විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ප්‍රධානත්වය දරන අතර, ඔහු මෙම කාරණය මූලික වැදගත්කමක් ලෙස හඳුන්වනවා .

මෙම තීන්දුව මිලියන ගණනකට බලපානු ඇති බවයි පැවසෙන්නේ

Share This