සමස්ත පාසල් දරුවන් ගැන සිතා හෙට සේවයට වාර්තා කරන්න – ඇමති බන්දුලගෙන් ඉල්ලීමක්

සමස්ත පාසල් දරුවන් ගැන සිතා හෙට සේවයට වාර්තා කරන්න – ඇමති බන්දුලගෙන් ඉල්ලීමක්

සමස්ත පාසල් දරුවන් වෙනුවෙන් හෙට (28) සිට සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ නියුතු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා

අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

ජාත්‍යන්තර පාසැල් සහ පෞද්ගලික පාසල්වල කිසිඳු ගුරු වර්ජනයකින් තොරව අඛණ්ඩ අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම පාසල්වල අධ්‍යාපනය හැදෑරීමට නොහැකි දරුවන් මෙම ගුරු වර්ජනය හේතුවෙන් පීඩාවට පත්වන බවයි ඔහු එහිදී පැවසුවේ

ගුරු වැටුප් විෂමතාවයට විසඳුමක් ලෙස 2022 වර්ෂයේදී කමිටුවක් පත්කර iii 2 ශ්‍රේණියට 14% කින් වැටුප් වැඩි කර ඇති අතර ඒ අනුව මසකට රුපියල් 3750ක මුදල්කින් වැටුප් වැඩිවෙන බවත් 1 ශ්‍රේණියට 26% කින් වැටුප් වැඩිකර ඇති අතර රුපියල් 17,720.00 කින් එම ශ්‍රේණියේ වැටුප් වැඩි වී ඇති බව වැඩිදුරටත් පෙන්වා දුන් අමාත්‍යවරයා 2023 වර්ෂයේ සමස්ත රාජ්‍ය සේවයට රුපියල් 10,000 වැටුප් වැඩිකළ අතර එම වැඩිවීම ගුරුසේවයටද ලබා දුන් බවත් අමාත්‍යවරයා කියා සිටියා

කෙසේ වෙතත් 2025 වර්ෂයේ අයවැයෙන් වැටුප් විෂමතාවන් විසඳීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ

Share This