
සමස්ත පාසල් පද්ධතියටම ඉදිරියේ දී එකම ගිණුම්කරණ මෘදුකාංගයක් -ඇමති සුසිල්-
මෙරට සියලු ම පාසල්වල මූල්‍ය හා ගිණුම් කටයුතු නිවැරදි ව යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාම සඳහා එක ම මෘදුකාංගයක් ඉදිරියේ දී හඳුන්වාදී මූල්‍ය අක්‍රමිකතා මගහැරවීමට යෝජනා කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
එමඟින් නව සන්නිවේදන දියුණුවත් සමඟ ඉතා පහසුවෙන් එක මෘදුකාංගයක් මගින් පාසල්වල ගිණුම් වාර්තා මාසිකවම සකසා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
වසර ගණන් විගණන ගැටලුවලට මුහුණ දීමේ අහිතකර තත්ත්වයන් ගුරුභවතුන්ට එමගින් වලක්වාගත හැකි බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
එහිදී පාසල්වල කාර්යාලයීය කටයුතු වෙනුවෙන් පත් කරනු ලබන නිලධාරියාට එම කාර්ය පැවරිය හැකි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
ඒ අනුව පාසල්වල ගිණුම් අක්‍රමිකතා වලක්වාගැනීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන නියමු වැඩසටහනකින් අනතුරුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ හරහා සියලු පළාත් පාසල්වලට මෙන්ම සමස්ත පාසල් පද්ධතියටම මෙම මෘදුකාංගය හඳුන්වා දී ඩිජිටල්කරණය කිරීමට අපේක්ෂිත බවයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටියේ.