සම්බාහනය කරන බව පවසා මුදල් ගරලා
සම්බාහන සේවයක් ලබාදෙන බවට පවසා ගෙන්වාගෙන පහරදී බිය ගන්වා මුදල් කොල්ලකෑමක නිරත වූ පුද්ගලයින් 5 දෙනෙක් සහ කාන්තාවක් බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී සැකකරුවන් විසින් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් අන්තර්ජාල බැංකු කටයුතු හරහා බැර කරවාගෙන පසුම්බියේ තිබූ රුපියල් 15,000ක් ද කොල්ලකා ඇති බව සඳහන්.
එහිදී පොලීසිය විසින් සිද්ධියට සම්බන්ධව යුවලක් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයක් ද බම්බලපිටිය පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු 44 වන වියේ පසුවූ අතර සැකකාරිය වයස අවුරුදු 54ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මෙම සැකකරුවන්ගේ ප්‍රකාශ මත තවත් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් වයස අවුරදු 19, 21, 22 සහ 23 වයස්වල පසුවන රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බම්බලපිටිය පොලීසිය සිදුකරනු ලබනවා.