සම්මාන රැසකින් පිදුම් ලැබූ ස්වර්ණවාහිනීය

සම්මාන රැසකින් පිදුම් ලැබූ ස්වර්ණවාහිනීය



Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකේය අභිමානය ස්වර්ණවාහිනීය සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.

ඒ අනුව වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නාලිකාවට හිමි සම්මානයෙන් ස්වර්ණවාහිනීය පිදුම් ලැබුවා.

එමෙන්ම වසරේ නැඟී එන ප්‍රවෘත්ති නාලිකාවට හිමි සම්මානය Live at Sri Lanka ප්‍රවෘත්ති සන්නාමය වෙත හිමි වුණා.

වසරේ හොඳම මැතිවරණ ප්‍රතිඵල විකාශය ගෙන ආ නාලිකාව ලෙස ස්වර්ණවාහිනීය සම්මානයෙන් පිදුම් ලැබූ අතර හොඳම උදෑසන රූපවාහිනී පත්තර වැඩසටහන ලෙස ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන මුල් පිටුව වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා.

එමෙන්ම වසරේ ජනමාධ්‍ය ප්‍රවෘත්ති සේවා විශිෂ්ටතා සම්මානයෙන් ස්වර්ණවාහිනී සහ මොනරා TV ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සාරංග පතිරණ මහතා පිදුම් ලැබුවා.

එමෙන්ම වසරේ ජනප්‍රියම රසවින්දනාත්මක වැඩසටහනට හිමි සම්මානය ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන හිත ඉල්ලන තරු වැඩසටහන සහ වසරේ හොඳම ඉවුම් පිහුම් වැඩසටහන ලෙස රස සරණිය වැඩසටහනට ද සම්මාන හිමි වුණා.

වසරේ ජනප්‍රියම රුපවාහිනී වැඩසටහන් නිවේදිකාව ලෙස දිනූෂා රාජපතිරණ මහත්මිය සම්මානයට පාත්‍ර වුණා.

මීට අමතරව වසරේ ජනප්‍රියම ගුවන් විදුලිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ශ්‍රී FM.

එමෙන්ම වසරේ සංගීතමය රේඩියෝ නාලිකාව ලෙස රන් FM වෙත සම්මාන හිමි වුණා.

මේ අතර වසරේ රූපවාහිනී විකාශන ඉංජිනේරුවරයා ලෙස ස්වර්ණවාහිනී සහ මොනරා නාලිකා වෙනුවෙන් නිලූප රණවීර මහතා සම්මානයට පාත්‍ර වුණා.

එමෙන්ම වසරේ විනෝදාත්මක රූපවාහිනී වැඩසටහන් නිවේදක ලෙස ස්වර්ණවාහිනී හිත ඉල්ලන තරු වැඩසටහන වෙනුවෙන් බුද්ධික රඹුක්වැල්ල විසින් හිමිකර ගත්තා.

මේ අතර වසරේ නැඟී එන රූපවාහිනී නාලිකාව ලෙස ස්වර්ණවාහිනී සහෝදර නාලිකාව වන මොනරා TV සම්මානයට පාත්‍ර වුණා.

මීට අමතරව වසරේ හොඳම පුවත්පත් ප්‍රවෘත්ති සංස්කාරකවරයාට හිමි සම්මානයෙන් ආරියනන්ද දොඹගහවත්ත මහතා සම්මානයෙන් පිදුම් ලැබූ අතර වසරේ නැඟී එන පුවත්පත් සන්නාමය ලෙස යුගයේ ජන හඬ මොනරා පුවත්පත සම්මානයට පාත්‍ර වුණා.

Share This