
සමාජ මාධ්‍ය කැළඹූ පොලිසියට පාට් දැමූ කත ජ්‍යාෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගේ කවුරුවත් නෙවෙයි (VIDEO)
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන රථවාහන පොලීසියේ නිලධාරීන් ගේ රාජාකාරියට බාධා කරමින් තමන් ජ්‍යාෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ගේ නැගනියක බවට පවසන ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නැතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම නිවේදනයේ දැක් වෙන්නේ අදාල සිදුවීම ඊයේ (31) ගම්පහ පොලිස් වසමේ කොටුගොඩ – උඩුගම්පොළ මාර්ගයේ සිදුවී ඇති බවයි.
මෝටර් රථයේ පැමිණි කාන්තාව රථ වාහන වරදක් සම්බන්ධයෙන් නැවැත්වීමට සංඥා කිරීමේ දී නොනවතවා රථය ධාවනය කර ඇති බවයි.
පිලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ පසුව පොලිස් රථවාහන නිලධාරීන් එම මෝටර් රථය හඹා ගොස් නවත්වා පරීක්ෂා කරන අවස්ථාවේ එය පැදවූ කාන්තාව පොලිස් රාජකාරිවලට බාධා කරමින් මෙසේ හැසිරී ඇති බවටයි.
පසුව මෙම ස්ථානයෙන් ද මෙම කාන්තාව පොලිස් අණ නොතකා රථය ඉදිරියට ධාවනය කර ඇති අතර මිනුවන්ගොඩ පොලිස් වසමේ පොල්වත්ත හන්දියේ දී රථය නවත්වා සැකකාර කාන්තාව අත් අඩංගුවට ගත් බව පොලිස් නිවේදනයේ සඳහන්.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ මෙම කාන්තාව පවසන ආකාරයට තමන් පොලීසියේ ජ්‍යාෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නැගනියක බවට කරන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.
ඒ අනුව සැකකාර කාන්තාව අන්තරාදායක ලෙස රිය ධාවනය , අපරීක්ෂාකාරී රිය ධාවනය, සාපරාධී බලහත්කාරය පෑම, හා අන් අයකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ අද (01) ගම්පහ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බවයි.
