සමුගත් මංගල ගැන තැබූ සටහන්

සමුගත් මංගල ගැන තැබූ සටහන්

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු ඊයේ (24) පස්වරුවේ සිදු කෙරුණා.

කොවිඩ් වෛරසය ආසාදනයවීම නිසා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතයෙන් සමුගත් ඒ මහතා, මෙරට දේශපාලනයේ කැපී පෙනුණු නායකයෙක් ලෙස සැලකෙනවා.

ඔහුගේ නික්ම යාම පිළිබඳව ශෝකය පළ කරමින් විශාල පිරිසක් සමාජ ජාල ඔස්සේ සටහන් තබා ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සඳහන් කර තිබුණේ ‘ලාංකීය දේශපාලන ගමන්මගෙහි විශාල පරිවර්ථනයන් මෙන් ම ‍අරගලයන් දියත් කරමින් ලාංකීය ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකිරීමට සක්‍රීයව දායක වූ කෘතහස්ත දේශපාලනඥයකු වන එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිතුමාගේ හදිසි වියෝව සැලවීමෙන් තමන් ඉතා සංවේගයට පත්වුණා.’ යනුවෙනුයි.

මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස්, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන්, ශ්‍රී ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරියස්, නෝර්වේ හි රාජ්‍ය තාන්ත්‍රිකයකු වන එරික් සෝල්හයිම්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සෝයිබාර්ට්, ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් නිරූපමා මෙනන් රාඕ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු වන සර් හියුගේ ස්වයර්, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි, ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් යන මහත්ම මහත්මීන් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය පල කර තිබුණා.

එවන් ශෝක පණිවිඩ කිහිපයක් පහතින් දැක්වෙනවා.

Share This