
සමූපකාරය ගොඩගන්න “නිෂ්පාදන සමුපකාර දහසක්”
ග්‍රාමීය දිළිදුකම තුරන් කරමින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා සමුපකාර ක්‍රමය නවතාවයෙන් යුතුව සක්‍රීය කරන බවත් රට නිෂ්පාදන ආර්ථිකයකට ගමන් කිරීමේ දී ජනතා ව්‍යවසායකත්වය සහිත නිෂ්පාදන සමුපකාර ක්‍රියාවලිය වඩාත් ම දායක කර ගත හැකි බවත් සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසූයේ ඊයේ (09) ඌව පළාත් සමූපකාර නියෝජිතයින් හමු වූ අවස්ථාවේදීයි.
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී පැවති මෙම නියෝජිත හමුවේ මූලික අරමුණ වී තිබුණේ “නිෂ්පාදන සමුපකාර දහසක්” ගොඩනැගීමේ ජාතික වැඩසටහන පිළිබඳව පළාත් මට්ටමින් පූර්ව දැනුවත් කිරීමයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා “සමුපකාර ව්‍යාපාරයේ සැබෑ ජනතා අරමුණු නැවත අත්පත් කර ගැනීමට නම් ප්‍රතිසංවිධානයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා වර්තමාන සමාජ අවශ්‍යතාවයට අනුව අවශ්‍ය තරම් භාණ්ඩ, ගුණාත්මක බව, ප්‍රමිතිය, ඇසුරුම්කරණය ආදී සියල්ල සමඟ ගොඩනැගීම අවශ්‍ය යි. අප අමාත්‍යාංශය පසුගිය කාලයේ සොයා බලමින් රට තුළ ආහාර සුරක්ෂිතතාව ඇති කළ හැකි ආකාරයෙන් සමුපකාරය ජාතික ආර්ථිකය සමඟ බද්ධ කරන්න සැලසුම් සකස් කළා.”
අතීතයේ ඉතා සාර්ථක ව පැවති මෙම ව්‍යාපාරය බිඳ වැටෙන්නට බලපෑ සාධක ගණනාවක් හඳුනා ගෙන ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළා.
ඔහු පැවසුවේ අසීමිත දේශපාලන මැදිහත්වීම්, මූල්‍ය විනය හා විගණනය නොමැති වීම, සේවක ගැටලු හා ප්‍රශ්න වලට සාධාරණ විසඳුම් නොමැති වීම, ග්‍රාමීය බැංකු වල තැන්පත් මුදල් වාණිජ බැංකුවල තැන්පත් කර අරමුණු වලින් බැහැර ව කටයුතු කිරීම, මේ අතර ප්‍රධාන වන බවයි.
සමුපකාර දේපළ දේශපාලකයින් විසින් අත්පත් කර ගැනීම, ජනතා විශ්වාසය බිඳ වැටීම, සමුපකාර බැංකු පිළිබඳ පවතින විශ්වාසය හා ගෞරවය අවභාවිතා කිරීම ආදී බොහෝ කරුණු මේ බිඳවැටීමට බලපාල තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.