
සයිබර් අපරාධ මධ්‍යස්ථානවලට බදවා ගන්නා මිනිස් ජාවාරම යලි ක්‍රියාත්මකයි
ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කරගනිමින් සිදුවන තැනැත්තන් වෙළදාම සම්බන්ධයෙන් හදිසි දැනුම් දීමක්
නැගෙනහිර ආසියාතික රටවල රජයේ නිසි අවධානයට ලක් නොවී ක්‍රියාත්මක වන බලහත්කාරයෙන් මිනිසුන් යොදවා පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථානයන් සදහා තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබා දෙන බව පවසමින් විදේශ රැකියා සදහා උනන්දුවක් දක්වන පුද්ගලයින් නොමග යැවීමට ලක්කර විශාල වශයෙන් බදවා ගැනීම් සිදුකරන බවට විශාල වශයෙන් තොරතුරු ලැබෙමින් පවතින බවට තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කර්ය සාධක බලකාය පවසනවා.
මේ වන විටත් මේ හා සම්බන්ධ අපරාධකරුවන් විසින් විවිධ රටවල් ඉලක්ක කරගනිමින් 50,000 පමණ පිරිසක් බදවාගැනීමේ ප්‍රයත්නයක නිරත වී සිටින බවත් ශ්‍රී ලංකාවද එම රටවල් අතර ප්‍රමුඛස්ථානයේ පසුවන බවත් එම කාර්ය සාධක බලකාය අනතුරු අගවනවා.
මේ වන විටත් එවැනි සයිබර් අපරාධ මධ්‍යස්ථාන 5 ක් ස්ථාපිත කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.
තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කර්ය සාධක බලකාය පවසන්නේ මිනිස් වෙළදාම්කරුවන් මේ සදහා පුද්ගලයින් බදවා ගැනීමට විවිධ ක්‍රම භාවිත කරන බවයි.
දැනට ලැබී ඇති තොරතුරු මත මේ ආකාරයෙන් ශ්‍රී ලාංකිකයින් 11 දෙනකු හසුවී තිබෙන බවට තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කර්ය සාධක බලකායට තොරතුරු වාර්තා වී තිබෙනවා.
එම කාර්ය සාධක බලකාය පවසන්නේ මේ වන විටත් ඔවුන් සයිබර් අපරාධ මධ්‍යස්ථාන වෙත යොදවා ඇති බවයි.