සයිබර් ප්‍රහාරයෙන් දත්තවලට හානියක් හෝ අහිමිවීමක් නැහැ – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව –

සයිබර් ප්‍රහාරයෙන් දත්තවලට හානියක් හෝ අහිමිවීමක් නැහැ – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව –

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතීන් වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් කිසිදු දත්ත හානිවීමක් හෝ අහිමිවීමක් වීමක් සිදුව නොමැති බව එම දෙපාර්තමේන්තුව පවසනවා

ඒ අනුවසයිබර් ප්‍රහාරයෙන් කිසිදු මාර්ගගත තොරතුරු පද්ධතියේ කටයුතු අඩාල වීමක් සිදුනොවන පරිදි යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට කටයුතු කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ

මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමග එක්ව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කළා

පසුගිය අප්‍රේල් පළමු සතිය තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු ආරක්ෂණ පද්ධතීන් වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුණා

Share This