සයිබර් ප්‍රහාරයෙන් පසු ඕස්ට්‍රේලියාවේ වරායන් වසා දමයි

සයිබර් ප්‍රහාරයෙන් පසු ඕස්ට්‍රේලියාවේ වරායන් වසා දමයි

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන වරාය ක්‍රියාකරුවෙකු වන DP World Australia සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා

එය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු සිදුවන බැවින් දින ගණනක් වෙබ් අඩවි වසා තැබීමට සූදානම් වන බවයි එරට රජයේ නිලධාරීන් පවසන්නේ .

ඒ අනුව පසුගිය සිකුරාදා සිට මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන් සහ පර්ත් හි බහාලුම් පර්යන්තවල මෙහෙයුම් අත්හිටුවා ඇති බව සඳහන් .

DP World Australia රටට ඇතුළු වන සහ පිටවන භාණ්ඩ වලින් 40% ක් පමණ කළමනාකරණය කරනවා.

කෙසේවෙතත් ප්‍රධාන ඕස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල් වෙත භාණ්ඩ සැපයීමට මෙම පියවර බලපා නැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඩුබායි රජයට අයත් DP World හි ඒකකයක් වන DP World Australia අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වා නැහැ

සයිබර් ප්‍රහාරයේ අපරාධකරුවන් කවුරුන්ද යන්න රජය මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

Share This