සරසවි චිත්‍රාගාරය බිඳ කෞතුක භාණ්ඩ සොරාගත් කූඩ්ඩො 03 ක් බඩුත් එක්ක මාට්ටු

සරසවි චිත්‍රාගාරය බිඳ කෞතුක භාණ්ඩ සොරාගත් කූඩ්ඩො 03 ක් බඩුත් එක්ක මාට්ටු

කිරිබත්ගොඩ සරසවි චිත්‍රාගාරය බිඳ කෞතුක තඹ වලින් නිමවූ භාණ්ඩ රැසක් සොරාගත් තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක සොර කල්ලි‍යකට අයත් සැකකරුවකුගේ නිවස තුළ තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට හැකිවූ බව කිරිබත්ගොඩ ‍පොලිසිය සමත් වී තිබෙනවා.

එම සැකකරුවන් තිදෙනා සතුව තිබී අයිස් මත්ද්‍රව‍ය මිලිග්‍රෑම් 13,930 ක්, ස්මාට් වර්ගයේ ජංගම දුරකථනන දෙකක් , පිත්තල වලින් නිමවන ලද අලියකුගේ රුවක්, තඹ වලින් නිමවන ලද කෞතුක වටිනාකමින් යුත්තේ සිලින්ඩර් කීපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මීට දින කීපයකට ඉහත දී රාත්‍රී කාලයේදී සරසවි චිත්‍රාගාර භූමියට ඇතුළු වී එහි ගබඩාව කඩා රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා ගෑස් හා ඔක්සිජන් සිලින්ඩර් මෙන්ම පිත්තල වලින් නිමවන ලද අලි රුවක් ද සැකකරුවන් සොරාගෙන තිබුණා.

පොලිසිය පැවසුවේ එම සොරකම සම්බන්ධයෙන් තමන් වෙත ලැබුණු පැමිණිල්ලකින් අනතුරුව යම් පුද්ගලයන් කීප දෙනෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේ වගුරු බිමක වලක් හාරා කිසියම් භාණ්ඩ කීපයක් වළදමා ඇති බවට ලද තොරතුරක් අනුව ඒ සම්බන්ධයෙන් ආවේෂණ රාජකාරී සිදුකරමින් සිටිය දී එම භාණ්ඩ රැගෙන යාම සඳහා සැකකරුවන් තිදෙනා පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව‍යි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සන්තකයේ අයිස් මත්ද්‍රව‍ය තිබී හමුවීමෙන් අනතුරුව සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ප්‍රධාන සැකකරුගේ කඩවත නුවර පාරේ නිවස පරික්ෂාකර විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවිය සොයා ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් මීට පෙරද සොරකම් ගණනාවකට පොලිස් අත්අඩංගුවට පත් වූවන් බවද පොලීසිය පැවසුවා.

වයස අවුරුදු 32 සහ 38 වියේ පසුවන සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This