සර්බියාවේ තවත් වෙඩි තැබීමක්

සර්බියාවේ තවත් වෙඩි තැබීමක්

සර්බියාවේ පාසැලක සිදුවූ වෙඩි තැබීමෙන් දින කිහිපයකට පසු යළිත් එම වෙඩි තැබීම සිදුවූ බෙල්ග්‍රේඩ් ප්‍රදේශයේම තවත් වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු මියගොස් ඇති බවත් 10දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

ඩුබෝනා හි උද්‍යානයකදී පොලිස් නිලධාරියෙකු සමග ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් 20 හැවිරිදි තරුණයෙකු ස්වයංක්‍රීය ආයුධයකින් මිනිසුන්ට වෙඩි තැබීමට පටන් ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා

Share This