සර්බියාවේ පාසැලක සිදුවූ ප්‍රහාරය සති ගණනක සැළසුමක් -එරට තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට(VIDEO)

සර්බියාවේ පාසැලක සිදුවූ ප්‍රහාරය සති ගණනක සැළසුමක් -එරට තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට(VIDEO)

සර්බියානු පාසලක සිසුන් 8 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කළ පිරිමි දරුවා මෙම ප්‍රහාරය සති ගණනක් සැලසුම් කර ඇති බව එරට පොලිසිය පවසා තිබෙනවා .

මධ්‍යම බෙල්ග්‍රේඩ් හි පාසැලකට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පසුව 13 හැවිරිදි පිරිමි දරුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

වෙඩි තැබීමෙන් තවත් සිසුන් හය දෙනෙකු සහ ගුරුවරයෙකු ද තුවාල ලබා ඇති අතර ප්‍රහාරයට හේතුව තවමත් විමර්ශනය කෙරෙන බවයි වාර්තා වන්නේ

මෙම පිරිමි දරුවා තම පියාගේ තුවක්කුව භාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර,එයට නීත්‍යානුකූල බලපත්‍ර ඇති බවද පොලිසිය පවසනවා

එමෙන්ම මේ වනවිට දරුවාගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිමි දරුවාව මානසික වෛද්‍යවරයෙකුට යොමු කරන බවද සඳහන්

මේ සිදුවීමෙන් පසු එරට තෙදින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Share This