සල්මන් රුෂ්ඩිට පිහියෙන් ඇනීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයාගේ නඩු විභාගය ප්‍රමාද වෙයි

සල්මන් රුෂ්ඩිට පිහියෙන් ඇනීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයාගේ නඩු විභාගය ප්‍රමාද වෙයි

2022 වසරේදී ලෝකප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩිට පිහියෙන් ඇනීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයාගේ එක්සත් ජනපදයේ පවතින නඩු විභාගය ප්‍රමාද වී තිබෙනවා

විත්තිකාර Hadi Matarගේ නීතිඥයින් තර්ක කළේ සල්මන් රුෂ්ඩිගේ එළිදැක්වීමට නියමිත පොත සමාලෝචනය කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බවයි.

ජූරි සභාව තෝරා ගැනීම ජනවාරි 8 වැනිදා නිව්යෝර්ක් ප්‍රාන්තයේ දී ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, ප්‍රහාරය පිළිබඳ මතක සටහන් පොත සාක්ෂි විය හැකි බවටයි විත්තිකරු පවසා තිබෙන්නේ

සිදුවිමෙන් පසුව Hadi Matar ඇප නොමැතිව රඳවා තබා ඇති අතර ඔහුගේ ආරක්ෂක කණ්ඩායම විනිසුරු ඩේවිඩ් ෆෝලිට සාර්ථකව පෙත්සමක් ඉදිරිපත් කරමින් පොතට අදාළ කරුණු සොයන බව දැනුම් දී තිබෙනවා

පසුගිය වසරේ අගෝස්තු මාසයේ නිව්යෝර්ක්හි දී ලේඛකයෙකු වන සල්මන් රුෂ්ඩිට පිහි ඇනුමක් එල්ල වීමෙන් පසු ඔහුගේ එක් ඇසක පෙනීම සහ එක් අතක් භාවිතා කිරීම අහිමි වී ඇති බව ඔහුගේ නියෝජිත ඇන්ඩෲ වයිලිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කරනු ලැබුවා

1988 වසරේ සල්මන් රුෂ්ඩිගේ ‘The Satanic Verses’ නවකතාව වෙනුවෙන් දිගු කලක් මරණ තර්ජනවලට මුහුණ දී තිබු අතර විශාල මුස්ලිම් ජනගහනයක් සිටින බොහෝ රටවල එය තහනම් කර තිබුණා

රුෂ්ඩිගේ නව මතක සටහන, “Knife: Meditations After an Attempted Merder”, 2024 අප්‍රේල් 16 දින ප්‍රකාශයට පත් කිරීමටයි මිට පෙර නියමිතව තිබුණේ

Share This