සල්මාන් ඛාන්ට මරණ තර්ජන

සල්මාන් ඛාන්ට මරණ තර්ජන

බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට ආරක්ෂාව ලබා දීමට මුම්බායි පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ, ඔහුට එල්ල වී ඇති මරණ තර්ජන හේතුවෙන්.

පාතාල කල්ලියකින් මෙලෙස සල්මන් ඛාන්ට මරණ තර්ජන එල්ල වී ඇති අතර මීට පෙර ද සල්මන් ඛාන්ට මරණ තර්ජන එල්ල කරමින් ලිපි සහ දුරකථන ඇමතුම් ද ලැබී ඇති බව සඳහන්.

ඉන්දීය රූපවාහිනී වැඩසටහනයකට ද එක්වෙමින් සල්මන් ඛාන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.

තමන්ට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ “මම හැමතැනම යන්නේ පූර්ණ ආරක්ෂාව සහිතව.. මම දන්නවා මම මොන දේ කලත් වෙන්න යන දේ නවත්තන්න බැරි බව.. මම දෙවියන් විශ්වාස කරනවා… දැන් මගේ වටේ ආරක්ෂකයෝ ගොඩක් ඉන්නවා… නමුත් මේ දවස්වල මම බීයෙන් ඉන්නේ.. අනාරක්ෂිතභාවයට වඩා ආරක්ෂාව හොඳයි. දැන් මට පාරේ බයිසිකලේ පැදගෙන තනියම කොහෙවත් යන්න බැහැ. කොහොම නමුත් මම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ” යනුවෙනුයි.

Share This