
සහන මිලට පොල් පොහොර ලබා දීම අවසන් අදියරේ
සහන මිලට පොල් පොහොර ලබා දීමේ කටයුතු අවසන් අදියරේ පවතිනවා
ඒ අනුව පොල් පොහොර සහනාධාරය ලබා ගැනිම සඳහා පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ඉල්ලුම් පත්‍රයක් සකස් කර ඇති අතර එය ලබාගෙන සම්පුර්ණකොට එහි අදළ නිලධාරින්ගෙන් සහතික කර ප්‍රදේශයේ ඇති අදාල බලයලත් ආයතන වෙත ඉදිරිපත් කර පොල් පොහොර සහනාධාරය ලබා ගන්නා ලෙසයි පොල් වගාකරුවන්ගෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා දැනුම් දෙන්නේ
මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේ වෙළෙඳපල රුපියල් 9,000 ක් වන කිලෝග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 4000ක් වැනි සහන මිලකට ලබා දීමට මෙම මස අවසන් සතිය තුල සියලු කටයුතු සුදානම් කර ඇති බවයි.
මෙහිදි අක්කර 5ට අඩු අක්කර 1/4ට වැඩි පොල් වගාභූමි අක්කර 350,000 ක් ඇති බවට තොරතුරු පවතින බවත් මෙමගින් විශාල පොල් වගා කරුවන් පිරිසකට ප්‍රතිලාභ හිමිවන බවත් ඔහු එහිදී කියා සිටියා
මෙම පොල් පොහොර පාවිච්චි කර රටේ පොල් අවශ්‍යතාව සම්පූර්ණ කිරිම අරමුණ බවත් මෙම පොහොර යෙදිමේන් වසර 1 ½ කට පසු අස්වැන්න වැඩි කරගෙන එම අරමුණ සාක්ෂාත් කරගැනිම අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසුවා
රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණූ MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් යොදා ගනිමින් එයට එප්පාවල රොක් පොස්පේට් සහ යූරියා කවලම් කර පොල් සඳහා වු විශේෂිත පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රාජ්‍ය පොහොර සමාගම (ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්) මේ වනවිට සිදු කෙරෙමින් පවතින බව සඳහන්
පොල් වගාකරුවන් වෙත සහන මිලට AMP පොල් පොහොර ලබාදීමේ ද්වීපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක් ඊයේ (20) රාජ්‍ය පොහොර සමාගමේ දි අත්සන් කෙරුණා
ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම (ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්) සහ පොල් වගා කිරිමේ මණ්ඩලය අතර මෙම ද්වීපාර්ශ්වීය අවබෝධතා ගිවිසුම අත්සන් තබා තිබෙනවා