සහල් ආනයනයට දුන් කාලය හෙටින් අවසන් (VIDEO)
සහල් ආනයනය සඳහා රජය ලබා දී ඇති කාලය හෙටින් (10) අවසන් වනවා.
ඒ අනුව වෙළෙඳපොළේ පැවති සහල් හිඟය පිළියමක් ලෙස රජය විසින් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය සඳහා අවසර ලබා දීමටයි කටයුතු කළේ
කෙසේ වෙතත් හෙටින් පසු කිසියම් ව්‍යාපාරිකයෙක් සහල් ආනයනය කළහොත් ඒවා යළි හරවා යැවීමට කටයුතු කරන බවයි අමතා්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා පැවසුවේ
ඊයේ දහවල් 12 පමණ වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115,000ක් රේගුවෙන් නිෂ්කාශනය කර තිබෙනවා
එම තොගය අතර කැකැළු සහල් මෙට්‍රික්ටොන් 45,000ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 70000ක් ඒ අතරට ඇතුළත් බව සඳහන්