සහල් මිල ඇතුළත් ගැසට්ටුව අවලංගු කරයි – කිරිපිටි,ගෑස් සහ සිමෙන්ති ගැන තීරණයක් නෑ
සහල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව අද (28) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී සඳහන් කළා.
ඒ,පුවත්පත් වාර්තා උපුටා ගනිමින්.
සුදු කැකුළු සහ රතු කැකළු කිලෝවක් රුපියල් 95/-කටද නාඩු කිලෝවක් රුපියල් 98/- කටද සම්බා කිලෝවක් රුපියල් 103/- කීරී සම්බා කිලෝවක් රුපියල් 125/- කටද උපරීම සිල්ලර මිලක් නියම කරමින් රජය විසින් ඉකුත් දා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
මේ අතර වෙළඳ පොළේ සහල් මිල ඉහළ යෑම වැළෑක්වීම සඳහා සහල් මෙට්රික් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බවද එම වාර්තාවල සඳහන් වනවා.
මේ අතර කිරිපිටි කිලෝවක් රුපියල් 200/-කින්ද ගෑස් සිලින්ඩරයක් රුපියල් 550/-කින්ද සිමෙන්ති කොට්ටයක් රුපියල් 50/- කින් සහ තිරිගු පිටි කිලෝවක් රුපියල් 10/- කින්ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය යෝජනා කර තිබු නමුත් කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැති බවත් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අනාවරණය කෙරුණා.