සහල් හිඟය තවදුරටත් උග්‍ර වන ලකුණු

සහල් හිඟය තවදුරටත් උග්‍ර වන ලකුණු

සහල් සඳහා පනවා ඇති පාලන මිල වෙනස් නොකළහොත් වෙළෙඳපොළ තුළ පවතින සහල් හිඟය තවදුරටත් උග්‍ර වනු ඇතැයි සහල් වෙළෙඳුන් සහ මෝල් හිමියෝ අනතුරු අඟවනවා.

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

ඒ අතර පාලන මිලට වඩා සහල් අලෙවි කරන වෙළෙඳුන්ට පනවා තිබූ දඩය රජය රුපියල් ලක්ෂය දක්වා වැඩිකිරීම හේතුවෙන් තමන් සහල් වෙළෙඳාමෙන් ඉවත්වූ බව තවත් වෙළෙඳුන් පිරිසක් සඳහන් කරනවා.

වෙළෙඳපොළ තුළ සහල් වැඩි මිලට අලෙවිවීමත් සමඟ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දෙවැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ නාඩු සහල් කිලෝවක් රුපියල් 98ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 103ක් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 125ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

Share This