සහෝදරියගේ විවාහ මංගල්‍යය දා ‘යතුරුපැදි අනතුරකට ලක්ව අවසන් ගමන් ගිය’ සිසුවා
සහෝදරියගේ විවාහ මංගල්‍යය දා යතුරුපැදි අනතුරකට ලක්වූ හඳපාන්ගොඩ කොටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි සිසුවෙකු මියගොස් තිබෙනවා.
මංගල ඡායාරූපය රැගෙන නැවත පැමිණෙමින් සිටිය දී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ගොස් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිය පදවා ඇති මනාලියගේ පියා සහ සිසුවා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.