සෆියා යමික් ! ඒක ලස්සන ශ්‍රී ලාංකික නමක් !

සෆියා යමික් ! ඒක ලස්සන ශ්‍රී ලාංකික නමක් !

මේක ක්‍රීඩිකාවක් ගැන කතාවක් වුණාට රට ගැන කතාවක්.

ඇයි ඇය මේ තරම් මේ වෙලාවෙ වැදගත්.

ඇය වැදගත් වෙන්නෙ ඇගේ ආගමික සම්ප්‍රදායන් ඇතුලෙ වැඩිහිටියො කොටු කළා නම් රට බබලවන තරුවක් රටට අහිමි වෙලා සාම්ප්‍රදායික ගැහැනියක් වෙන්න තිබුණා.

අද ඇය වෙනුවෙන් රටක් ආඩම්බර වෙනවා.

ඇය සම්ප්‍රදායට අභියෝග කල දැරියක්.

ඒක දැනුවත් අභියෝගයක්.

සෆියා යමික් පාසැල් යන්නෙ මහනුවර විහාරමහා දේවි විද්‍යාලයට.

ඒක සාමාන්‍යයෙන් සිoහල බෞද්ධ පාසැලක් හැටියටයි සැලකෙන්නෙ.

එයාගෙ ගමන පටන්ගන්නෙම වෙනස් තාලෙකට.

ඊළගට සිoහලෙන් ඉගෙනගන්නවා.

මළල ක්‍රීඩා කරන්න පටගන්නවා.

ඒවට ගැලපෙන ඇදුම් අදිනවා.

ඒවා, එයාගෙ ආගමට, සම්ප්‍රදායට විරුද්ධ යි.

ආරංචි හැටියට එයාගෙ පල්ලිය මේවට විරුද්ධ වෙනවා.

ගෙදරටම ඇවිත් ඒව නවත්තන්න කියනවා.

ඒත් එයාගෙ දෙමාපියන් සෆියා සමග හිටගන්නවා.

එයාගෙ ගමනට ඔවුන් බාධා කරන්නේ නෑ.

අද සෆියා දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව.

මීටර් 100 සහ 200 ඉසව්වලින් රන් පදක්කම් දෙකක්.

තවද මීටර් 4×100 සහය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නා.

ඇය, අනවශ්‍ය සම්ප්‍රදායන් තමන්ගේ ගමනට බාධාවක් කරගත්තේ නෑ.

ඇය ශ්‍රී ලාoකික දැරියක්.

මේ රටට අවශ්‍ය එහෙම ළමයි.

ඒ ආකාරයේ දෙමාපියන්. අපි ඔබට සුබ පතනවා, සෆියා යමික්. ඒක ලස්සන ශ්‍රී ලාංකික නමක් !
.

Share This