ස්කොට්ලන්තයට සමුදෙන චීන පැන්ඩාවන්

ස්කොට්ලන්තයට සමුදෙන චීන පැන්ඩාවන්

ස්කොට්ලන්තයේ Edinburgh සත්වෝද්‍යානයේ යෝධ පැන්ඩාවන් නැවත චීනයට යැවීමට පෙර අද(30) අවසන් වරට ප්‍රදර්ශනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Tian Tian සහ Yang Guang ස්කොට්ලන්තයට පැමිණ ඇත්තේ 2011 වසරේදීයි.

මේ වනවිට වසර 17ක් පමණ එක්සත් රාජධානියේ ජීවත් වූ පළමු යෝධ පැන්ඩාවන් 2011 දෙසැම්බර් 4 වන දින “FedEx Panda Express” ලෙස නම් කරන ලද ගුවන් යානයෙන් එක්සත් රාජධානියට පැමිණියා.

සත්වෝද්‍යානය පවත්වාගෙන යන ස්කොට්ලන්තයේ රාජකීය සත්වෝද්‍යාන සංගමය (RZSS) පැන්ඩාවන් වෙනුවෙන් චීනයට ඩොලර් මිලියනයක වාර්ෂික ගාස්තුවක් ගෙවා තිබෙනවා.

ඔවුන් ස්කොට්ලන්තයේ සිටි කාලයේදී, සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය සහ චීනයේ පශු වෛද්‍යවරුන් විසින් මේ දෙදෙනා අතර කෘත්‍රිම සිංචනය කිරීමේ උත්සාහයන් අටක් සිදු කළත් ඔවුන් කිසිදු පැටවෙකු බිහි කිරීමට සමත් වූයේ නැහැ.

අවසාන උත්සාහය ගෙන තිබුණේ 2021 දී වන අතර ඉන් පසුව යෝධ පැන්ඩාවන්ගේ අභිජනන වැඩසටහන නතර කර තිබෙනවා.

අද දවස පුරා සත්වෝද්‍යානයට පැමිණෙන අමුත්තන්ට කුටිවල සිටින පැන්ඩාවන් දැක ගැනීමට අවස්ථාව ලබාදුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This