ස්කොට්ලන්තය සහ යුක්රේනය අතර පාපන්දු ලෝක කුසලාන තරගය කල් යයි
මාර්තු 24 වැනිදාට ස්කොට්ලන්තය සහ යුක්රේනය අතර ග්ලාස්ගෝ හිදී පැවැත්වීමට නියමිතව තිබූ පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගය කල් දමා තිබෙනවා
එම තරගය ජුනි මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
යුක්රේන පාපන්දු සංගමය විසින් පසුගිය සතියේ කළ ඉල්ලීමකට අනුව ලෝක පාපන්දු පාලක මණ්ඩලය (FIFA )එකඟ වී තිබෙන බවත් හැම්ප්ඩන් පාර්ක්හි පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් නොවැම්බර් මාසයේ කටාර්හි පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා ඔස්ට්‍රියාව හෝ වේල්සය සමඟින් තරග වැඩෙනු ඇති බවත් සඳහන්.
පෙබරවාරි 24 වන දින රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග දේශීය පාපන්දු ක්‍රීඩාව නවතා දමා තිබෙනවා
එමෙන්ම රුසියාවට සියලුම ජාත්‍යන්තර පාපන්දු තරග තහනම් කර ඇති අතර, ඒ අනුව පෝලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරගාවලියට සහභාගී වීමට නොහැකි වනු ඇති බවයි පැවසෙන්නේ.