ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචන්ඩත්වය පිටුදැකීමට පාර්ලිමේන්තුව තැඹිලි පැහැ වෙයි

ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචන්ඩත්වය පිටුදැකීමට පාර්ලිමේන්තුව තැඹිලි පැහැ වෙයි

ස්ත්‍රී – පුරුෂ සමාජ භාව‍ය මත පදනම් වූ හිංසනය පිටුදැකීම සඳහා වන දින 16 වැඩ සටහනට සහය දක්වමින් පර්‍ර්ලිමේන්තුව තුළ වැඩසටහන් රැසක් අද (24) පැවැත් වුණා.

මේ වසරේ එහි ගෝලීය තේමාව වන්නේ ” සියලු කාන්තාවන්ට සහ ගැහැනු ළමයිට එරෙහි ඩිජිටල් හිංසනය අවසන් කිරීම සඳහා එකතු වෙමු” යන්නයි.

නීති සෑදීමෙන් ඔබ්බට ගිය සමාජ වගකීමක් සහ අවදානයක් ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටු දැකීම සඳහා අවශ්‍ය බව එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

අද දින පැවති වැඩසටහනට සහය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය තැඹිලි පැහැති හෝ තැඹිලි පැහැය සහිත ඇඳුමින් සැරසී සිටියා.

Share This