ස්පාඤ්ඤයේ නීති විරෝධී සත්ත්ව වෙළදාමකින් සතුන් 400කට වැඩි පිරිසක් බේරා ගැනේ

ස්පාඤ්ඤයේ නීති විරෝධී සත්ත්ව වෙළදාමකින් සතුන් 400කට වැඩි පිරිසක් බේරා ගැනේ

බළලුන් සහ සුනඛයන් 400කට වැඩි ප්‍රමාණයක් ස්පාඤ්ඤයේ නීති විරෝධී සත්ත්ව වෙළදාම් ජාවාරම් ජාලයකින් බේරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

මෙම නීතිවිරෝධී කණ්ඩායම ලාභ ඉපැයීම සඳහා සතුන් විකිණීමට පෙර නැගෙනහිර යුරෝපයේ සිට ඇන්ඩෝරා හරහා නීති විරෝධී ලෙස ස්පාඤ්ඤයට මොවුන් ආනයනය කළ බවටයි සැක පළ කරන්නේ

සතුන් විකිණීම සඳහා ඔවුන් නිරෝගී බවට ව්‍යාජ ලේඛන සකස් කළ බවට ද ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා

සත්ත්ව අපචාර, වංචා සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා මත පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

දුර්වල තත්ත්වයේ සිටි සතුන් පශු වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ තබා ඇති බවද සඳහන්

ස්පාඤ්ඤයේ නීතිවිරෝධී සත්ත්ව වෙළදාම් ජාවාරම සොයා ගැනීම සඳහා ඒකාබද්ධ පොලිස් මෙහෙයුමක් පසුගිය සැප්තැම්බර් මාසයේදී සිදු කර තිබෙනවා

බාර්සිලෝනා හි නිලධාරීන්ට නගර මධ්‍යයේ ඇති සුරතල් සතුන් අලෙවි කරන සාප්පුවක දුර්වල තත්ත්වයේ සිටි සතුන් පිළිබඳව පැමිණිලි කිහිපයක් ලැබී වසර තුනකට පසුව එහි රෝගී සුනඛයන් 33 ක් සොයා ගත් බවයි පැවසෙන්නේ

ඉහළ වෙළඳපල වටිනාකමක් ඇති අභිජනනය වූ සමහර සතුන් නීති විරෝධී ලෙස අන්තර්ජාලය හරහා මිලදී ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ස්පාඤ්ඤය පසුගිය මාසයේදී සතුන් විකිණීම සහ හිමිකාරිත්වය පාලනය කරන නීති දැඩි කරමින් නීතියක් සම්මත කර ඇති අතර ඒ අනුව සුරතල් සතුන් ගබඩාවල තැබීම ,ඒවා විකිණීම තහනම් කිරීම මෙයට ඇතුළත් වන අතර උල්ලංඝණය කිරීම් සඳහා සිරගත කිරීම් හෝ යුරෝ 200,000 දක්වා දඩ මුදලක් නියම කළ හැකි වනවා

Share This