ස්පාඤ්ඤයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් – සිව් දෙනෙකු මරුට

ස්පාඤ්ඤයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් – සිව් දෙනෙකු මරුට

ස්පාඤ්ඤයේ වැලෙන්ෂියා නගරයේ උස් මහල් නිවාස සංකීර්ණයක ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැම්පනාර් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ මහල් 14ක ගින්න පැතිර ගොස් ඇති අතර එය යාබද ගොඩනැගිල්ලකටද පැතිර ගොස් ඇති බව සඳහන්.

ගිනි නිවන භටයින් බැල්කනිවලින් මිනිසුන් බේරා ගන්නා ආකාරය දැකගත හැකි වූ අතර දහනව දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බව එරට හදිසි අංශ නිවේදනය කර තිබෙනවා.

ගිනි නිවන භටයින් හය දෙනෙකු සහ කුඩා දරුවෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු ගින්නෙන් තුවාල ලබා ඇති බව සඳහන් වනවා.

ගිනි නිවන භටයින් 20 කට වැඩි පිරිසක් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළා.

මෙම ගොඩනැගිල්ල මහල් නිවාස 138කින් සමන්විත වන අතර එහි නිවැසියන් 450ක් වාසය කළ බවයි ගොඩනැගිල්ලේ කළමනාකරු සඳහන් කරන්නේ.

Share This