ස්පාඤ්ඤයේ හිටපු පාපන්දු සභාපති අත්අඩංගුවට

ස්පාඤ්ඤයේ හිටපු පාපන්දු සභාපති අත්අඩංගුවට

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ලුයිස් රුබියල්ස් (Luis Rubiales) මැඩ්රිඩ් ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දූෂණ විරෝධී චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු ඩොමිනිකන් ජනරජයේ සිට මැඩ්රිඩ් වෙත පැමිණීමේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ලුයිස් රුබියල්ස්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එල්ල වී ඇති සියලු චෝදනාවන් ලුයිස් රුබියල්ස් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Share This