ස්පාඤ්ඤ වෙරළෙන් හමුවූ සංක්‍රමණිකයින්ගේ සිරුරු

ස්පාඤ්ඤ වෙරළෙන් හමුවූ සංක්‍රමණිකයින්ගේ සිරුරු

මොරොක්කෝ සංක්‍රමණිකයින් සිව් දෙනෙකුගේ මළ සිරුරු ස්පාඤ්ඤයේ දකුණු වෙරළ තීරයේ තිබී සොයාගෙන තිබෙනවා.

ඔවුන් ගමන් කරමින් සිටි යාත්‍රාවක් අසළ තිබී එම මළ සිරුරු සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් අදාළ යාත්‍රාවේ සිටි සිව් දෙනෙකු දිවි බේරා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

Share This