ස්වර්ණමය වාර්තාවක් සනිටුහන් කළ රොනාල්ඩෝ

ස්වර්ණමය වාර්තාවක් සනිටුහන් කළ රොනාල්ඩෝ

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය කීර්තිමත් දිවියේ 900 වැනි ගෝලය වාර්තා කරමින් සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වී තිබෙනවා.

39 හැවිරිදි ඔහු ක්‍රොඒෂියාවට එරෙහිව නේෂන්ස් ලීග් තරගයේදී පෘතුගාලයට පහර දුන් අතර ඔවුන් 2-0ක් ලෙස ඉදිරියට ගොස් ඇති බව සඳහන්.

ඔහු තම රට වෙනුවෙන් ලබාගත් 131 වැනි ගෝලය මෙය වූ අතර ඔහු ලිස්බන්, මැන්චෙස්ටර් යුනයිටඩ්, රියල් මැඩ්රිඩ්, ජුවෙන්ටස් සහ වත්මන් සමාජය වන අල්-නාසර් වැනි ක්‍රීඩා සමාජ සඳහා ගෝල ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිය ස්වර්ණමය පා පහර ලබාගැනීමෙන් අනතුරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කඳුළු සලමින් වඩාත් සංවේදී ලෙස හැඟීම්බර වී ඇති බව සඳහන්.

Share This