ස්වර්ණවාහිනිය අනාගත පරපුරට දායාද කළ ” හපන් පැදුර” ආයෙත් අලුත් වෙලා ඇවිත්

ස්වර්ණවාහිනිය අනාගත පරපුරට දායාද කළ ” හපන් පැදුර” ආයෙත් අලුත් වෙලා ඇවිත්

කලක් ශ්‍රී ලාංකේය ළමා පරපුර මෙන්ම වැඩිහිටි පරපුර අතර ද එකසේ ජනප්‍රිය වූ ස්වර්ණවාහිනියේ විකාශය වූ “හපන් පැදුර” ළමා සංගීතමය වැඩසටහන අද (21) යලිත් අතීත මතකයන් සිහිපත් කරමින් නව ළමා පරපුරක් සමග අත්වැල් බැදගෙන ආලින්දයට රසමිහිර කැදවාගෙන පැමිණියා.

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගනවේදී ජැක්සන් ඇන්තනී එවක ළමා පරපුරේ පිරිසක් එක්කර ගනිමින් ආරම්භ කළ හපන් පැදුර විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත්තා පමණක් නොව පසුකාලීනව බොහෝ රූපවාහිනී ළමා වැඩසටහන් සදහා පුරෝගාමී වුණා.

පරම්පරාවක් ආදරයෙන් බැදී සිටි මෙම වැඩසටහන අද නැවත ආරම්භ වූයේ පැරණි හපන් පැදුර වැඩසටහනේ සංගීතය මෙහෙය වූ අසේල බණ්ඩාර දිසානායක ගේ පූර්ණ සංගීත අදියුරු කමින්.

මුල් වැඩ සටහන මෙහෙය වූ පූර්ණ ද අල්විස් සහ සජානා වනිගසූරිය මේ නව හපන් පැදුරට විශාල ආලෝකයක් එක්කළා.

මෙම වැඩසටහන ඔස්සේ අතිශය ජනප්‍රසාදයට පත් හපන් පැදුර තේමා ගීතය නැවත ගැයෙන විට එහි කාලීන බව වඩාත් අපූර්වත්වයකින් දැනුණේ අනාගත පරපුරට කළ දායාදයක් ලෙසයි.

හපන් පැදුර අද සිට සැම සෙනසුරාදා දිනකම උදෑසන 8.00 ට ස්වර්ණවාහිනිය ඔස්සේ ලාංකේය ළමා පරපුරට රසවින්දනය මෙන්ම දැනුම ද සමග දායාද වනවා.

 

Share This