
ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයට Sri Lankan Sustanability Awards ඇගයීම් සම්මානය (VIDEO)
ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ ආයතනය හෙවත් සී.අයි.ඕ.බී. සංවිධාන කළ ශ්‍රී ලංකා තිරසර ව්‍යවසාය ඇගයුම් සම්මාන උළෙල 2025 කොළඹදී පැවැත් වුණා.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සම්මාන උළෙලේදී ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයද ඇගයීමට ලක් කළා.
ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ ආයතනය සී.අයි.ඕ.බී. සංවිධාන කළ 13 වන ලෝක ඉදිකිරීම් සම්මන්ත්‍රණයට සමගාමීව ශ්‍රී ලංකා තිරසර ව්‍යවසාය ඇගයුම් සම්මාන උලෙල 2025 ඉකුත්දා කොළඹදී පැවැත්වුණා.
Sri Lankan Sustanability Awards (ශ්‍රී ලංකන් සස්ටේනබිලිට් අවෝඩ්ස්) සම්මාන උළෙල පැවැත් වුණේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙරට ඉදිකිරීම් හා ආශ්‍රිත කර්මාන්තයන්හි තිරසර නායකයන්ගේ මෙහෙයුම් සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වූ අතර පරිසර ආරක්ෂාව, සමාජ වගකීම සහ ආර්ථික ඵලදායීතාව ගොඩනඟන නවෝත්පාදන, නායකත්වය හා කාර්ය සාධනත්වය යන අංශයන් වෙනුවෙන් මෙහිදී සම්මාන පිරිනැමුවා.
විචිත්‍රවත් සම්මාන රාත්‍රියක් වූ Sri Lankan Sustanability Awards (ශ්‍රී ලංකන් සස්ටේනබිලිට් අවෝඩ්ස්) සම්මාන උළෙලේදී ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයද ඇගයීමට ලක්වීම විශේෂයි.