ස්වර්ණවාහිනී කැමරා ශිල්පි මහේෂ් ගුණසිංහ අභාවප්රාප්ත වෙයි (VIDEO)
ස්වර්ණවාහිනී කැමරා ශිල්පියෙකු ලෙස සේවය කළ මහේෂ් ගුණසිංහ මහතා හදිසි සිදුවීමකින් මියගොස් තිබෙනවා
මිය යන විට 36 හැවිරිදි වියේ පසු වූ මහේෂ් ගුණසිංහ මහතා වල්පොළ රුක්ගහවෙල ප්රදේශයේ පදිංචි දෙදරු පියෙක්
2014 වසරේ දී ඔහු ස්වර්ණවාහිනීයට එක් වුණේ කැමරා ශිල්පියෙකු ලෙසයි
වසර 9ක් පුරාවට මහේෂ් ගුණසිංහ ස්වර්ණවාහිනීය විසින් නිෂ්පාදනය කළ විවිධ වැඩසටහන් සහ ප්රවෘත්තිමය විශේෂාංගවල නිර්මාණශීලි කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කළා
ස්වර්ණවාහිනී කාර්ය මණ්ඩලයේ නොමඳ ආදරය දිනා ගත් ඔහු හදිසියේ අප අතරින් වියෝ වුවත් ඔහු ඉතිරි කර ගිය මතකය සදා අමරණීයයි