
ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ බැතිබර මාධ්‍ය දායකත්වයෙන් පැවති මුතියංගන වෙසක් මහා පෙරහර මංගල්‍යය (PHOTOS)
වෙසක් පුර පසළොස්වක පොහොය නිමිතිකරගනිමින් ඓතිහාසික බදුලු මුතියංගනය රජමහා විහාරය මඟින් පවත්වන්නට යෙදුණු වෙසක් මහා පෙරහර ඊයේ රාත්‍රියේ සාර්ථකව වීථි සංචාරය කෙරුණා.
ස්වර්ණ වර්ණ වෙසක් විශේෂ ආගමික වැඩසටහන් මාලාවට සමගාමීව මුතියංගන වෙසක් මහා පෙරහර මංගල්‍යය සඳහාද බැතිබර දායකත්වය ලබා දුන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයයි.
උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය දියත් කළ ස්වර්ණ වර්ණ වෙසක් විශේෂ ආගමික වැඩසටහන් මාලාව බදුලු මුතියංගන රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ දවස පුරා විකාශය කෙරුණා.
ස්වර්ණ වර්ණ වෙසක් විශේෂ ආගමික වැඩසටහන් මාලාවේ ඊයේ දිනට නිමාව සනිටුහන් කරමින් සවස 06.00සිට අසූ හාර දහසක් වූ ධර්මස්කන්ධය උදෙසා පුද පූජා පවත්වා, ලෝ වැසි සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් විශේෂ ආශිර්වාද පූජාවක්ද පැවැත්වුණා.
ඉන් අනතුරුවයි ඓතිහාසික මුතියංගන සෑ රජුන් ශඞ් වර්ණයෙන් ඒකාලෝක ගන්වමින් උතුම් ආලෝක පූජාව සිදු කෙරුණේ.
ඓතිහාසික බදුලු මුතියංගන රජමහා විහාරය කේන්ද්‍රකරගනිමින් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ බැතිබර දායකත්වයෙන් එම සියළු කටයුතු සිදු කෙරුණු අතර ඌව පළාතේ විශාලතම පෙරහර මංගල්‍ය ලෙසින් සැලකෙන මුතියංගන වෙසක් මහා පෙරහැර වීථි සංචාරයද සුභ මොහොතින් ආරම්භ වුණා.
සුභ මොහොතින් පෙරහර වීථි සංචාරය ඇරඹුණු අතර පෙරහර කරඬුව වැඩම වූ දළදා මාලිගාවේ මිගාර හස්ථියා මත පෙරහර කරඬුව තැන්පත් කිරීම ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ සුසාර දිනාල් මහතා සුරතිනුයි සිදු කෙරුණේ.
අලි ඇතුන් 15කට අධික සංඛ්‍යාවක් මුතියංගන වෙසක් මහ පෙරහර වෙනුවෙන් යොදවා තිබුණු අතර නැටුම් වැයුම් ආදී සංස්කෘතිකාංග රැසකින් පෙරහර වර්ණවත් වී තිබුණා.
තෙමඟුල සිහිපත් කරමින් උදා වූ වෙසක් පොහොයේ අසිරිය ලොවට ගෙනයමින් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ බැතිබර දායකත්වය සමඟ බදුලු මුතියංගන රජමහා විහාරය කේන්ද්‍රකොටගත් ස්වර්ණ වර්ණ වෙසක් විශේෂ ආගමික වැඩසටහන් මාලාව ඒ අයුරින් සාර්ථකව නිමාව දුටුවා.