ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය හෙට මිගමුව වෙරළ උද්‍යානයේදී (VIDEO)

ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය හෙට මිගමුව වෙරළ උද්‍යානයේදී (VIDEO)

ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය හෙට(10) මිගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සුදානම්.

පවුලේ සැමට පැමිණ විනෝද වියහැකි මේ සරුංගල් සැණකෙළිය තරග අංශ රැසකින් සමන්විතයි.

ස්වර්ණවාහිනී සහ ශ්‍රී පෙ නාලිකා එක්ව සංවිධානය කරන ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය හෙට උදෑසන 7සිට දවස පුරා මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වෙනවා.

පාට පාට සරුංගල්වලින් මීගමු අහස පාට කරන මේ සරුංගල් සැණකෙළිය සඳහා මේ වනවිටත් සියලු‍ කටයුතු සුදානම් කර ඇත්තේ මෙලෙසින්.

මෙහිදී විශාලතම සරුංගලය, දරුවන් වෙනුවෙන් වෙන්වූ කුඩාම සරුංගලය, අසාමාන්‍ය සරුංගලය, ඩියුලක්ස් වර්ණවත්ම සරුංගලය, එලිෆන්ට් හවුස් නිර්මාණශීලීම සරුංගලය, කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ මල් සරුංගලය, ස්වර්ණවාහිනී තේමාව ඇසුරින් නිර්මාණය කරන ලද සරුංගලය සහ ශ්‍රී ත්‍ඵ තේමාව ඇසුරින් නිර්මාණය කරන ලද සරුංගලය ආදී තරග අංශ රැසක් ඔබ වෙනුවෙන් සුදානම් කර තිබෙනවා.

මේ තරග අංශ සඳහා හෙට දිනයේදීත් පෙ.ව 7 සිට පෙ.ව 10 දක්වා මීගමුව වෙරළ උද්‍යානයේදී ඔබට ලියාපදිංචි විය හැකියි.

මිට අමතරව හපන් පැදුර සම්මුඛ පරීක්ෂණ ,ස්වර්නවාහිනී තිර පරීක්ෂණ, ශ්‍රී ත්‍ඵ හඬ පරීක්ෂණ සඳහා සහභාගීවීමේ අවස්ථාවත් හෙට ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළියට පැමිණෙන ඔබට හිමිවනවා.

අද දිනයේ මීගමුව වෙරළ උද්‍යානයට පැමිණි මැති ,ඇමතිවරුන් ද සරුංගල් යැවීමට එක්වුණා.

 

Share This