ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය උත්කර්ෂවත් ලෙස මීගමු වෙරළේ දී ඇරඹෙයි

ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය උත්කර්ෂවත් ලෙස මීගමු වෙරළේ දී ඇරඹෙයි

ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය අද මිගමුව වෙරළ උද්‍යානයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනවා.

පවුලේ සැමට පැමිණ විනෝද වියහැකි මේ සරුංගල් සැණකෙළිය තරග අංශ රැසකින් සමන්විතයි.

ස්වර්ණවාහිනී සහ ශ්‍රී fm නාලිකා එක්ව සංවිධානය කරන ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය අද උදෑසන 7 සිට දවස පුරා මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වෙනවා.

පාට පාට සරුංගල්වලින් මීගමු අහස පාට කරන මේ සරුංගල් සැණකෙළිය සඳහා මේ වනවිටත් විශාල තරගකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.

මෙහිදී විශාලතම සරුංගලය, දරුවන් වෙනුවෙන් වෙන්වූ කුඩාම සරුංගලය, අසාමාන්‍ය සරුංගලය, ඩියුලක්ස් වර්ණවත්ම සරුංගලය, එලිෆන්ට් හවුස් නිර්මාණශීලීම සරුංගලය, කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ මල් සරුංගලය, ස්වර්ණවාහිනී තේමාව ඇසුරින් නිර්මාණය කරන ලද සරුංගලය සහ ශ්‍රී fm තේමාව ඇසුරින් නිර්මාණය කරන ලද සරුංගලය ආදී තරග අංශ රැස කින් සමන්විතයි.

මිට අමතරව හපන් පැදුර සම්මුඛ පරීක්ෂණ ,ස්වර්ණවාහිනී තිර පරීක්ෂණ, ශ්‍රී fm හඬ පරීක්ෂණ සඳහා සහභාගීවීමේ අවස්ථාව අද ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළියට පැමිණෙන ජනතාවට අවස්ථාව හිමිවනවා.

Share This