
ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය මීගමුව වෙරළ උද්‍යානයේ අහස වර්ණගන්වයි (VIDEO)
ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM නාලිකා එක්ව සංවිධාන කරන ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය මේ වන විට මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වෙනවා.
තරග අංශ කිහිපයකින්ම සමන්විත මේ සරුංගල් සැණකෙළිය අද දවස පුරා පැවැත්වෙන්නේ පවුලේ සැමට පැමිණ විනෝද විය හැකි අවස්ථාවන් රැසක් සලසා දෙමින්.
අද උදෑසන 7 ට ආරම්භ වී පාට පාට සරුංගල්වලින් මීගමු අහස පාට කරන සරුංගල් සැණකෙළිය සදහා ලියාපදිංචි වීමට අද පෙරවරුවේත් බොහෝ පිරිසක් මීගමු වෙරළ උද්‍යානයට පැමිණ සිටියා.
මෙහිදී, විශාලතම සරුංගලය, දරුවන් වෙනුවෙන් වෙන්වූ කුඩාම සරුංගලය,අසාමාන්‍ය සරුංගලය, ඩියුලක්ස් වර්ණවත්ම සරුංගලය, එලිෆන්ට් හවුස් නිර්මාණශීලීම සරුංගලය , කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ මල් සරුංගලය ,ස්වර්ණවාහිනී තේමාව ඇසුරින් නිර්මාණය කරන ලද සරුංගලය සහ ශ්‍රී ත්‍ඵ තේමාව ඇසුරින් නිර්මාණය කරන ලද සරුංගලය ආදී තරග අංශ රැසක් ඔබ වෙනුවෙන් සුදානම් කර තිබෙනවා.
ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළියට පැමිණෙන ඔබට පවුල් පිටින් විනෝද විය හැකි අවස්තා රැසක් මිගමු වෙරළ උද්‍යානයේ සංවිධාන කර තිබෙනවා.
මීට අමතරව හපන් පැදුර සම්මුඛ පරීක්ෂණ, ස්වර්නවාහිනී තිර පරීක්ෂණ , ශ්‍රී ත්‍ඵ හඩ පරීක්ෂණ සදහා සහභාගී වීමේ අවස්ථාවත් ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළියට පැමිණෙන ඔබට හිමිවනවා.
බොහෝ දෙනෙක් මේ වන විටත් පැමිණ සතුටුවන ස්වර්ණ ශ්‍රී සරුංගල් සැණකෙළිය ගැන ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ සුසාර දිනාල් මහතාද මෙලෙස අදහස් පළ කළා.
එමෙන්ම මෙම සරුංගල් සැණකෙළිය අධීක්ෂණය කරනු ලබන්නේ රාවණා සරුංගල් සංගමය විසිනුයි.
අද පස්වරුව දක්වා පැවැත්වෙන සරුංගල් සැණකෙලියෙන් අනතුරුව ශ්‍රී ත්‍ඵ 25 වැනි සංවත්සරයට සමගාමිව පැවැත්වෙන ජනප්‍රිය ණභෂඨ්‍යඔී සංගීත කණ්ඩායමේ සංගීතයට භාතිය සන්තුස්, සංඛ දිනෙත්, හනා ශෆා, ලහිරු පෙරේරා, බුද්ධික රබුක්වැල්ල ආදී කළා තරු ගී ගයන මහා සංගීත ප්‍රසංගයක්ද පැවැත්වෙනවා.