
“ස්වර්ණ ශ්‍රී සහන සත්කාර” අපේම ජනතාව අතට (VIDEO)
දින ගණනාවක් පුරා අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක ස්වර්ණ ශ්‍රී සහන සත්කාර වැඩසටහනට බොහෝ දෙනෙක් සිය පරිත්‍යග ලබාදෙමින් සහයෝගය දැක්වූවා.
ඒ අනුව ඔබ ලබාදුන් ඒ ආධාර විපතට පත් ජනතාව අතට පත්කිරීමේ ක්‍රියාන්විතය අප ඊයේ රාත්‍රියේ සිටම ආරම්භ කළා.
ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් ජනතාවට, ජනතාවාදී මාධ්‍ය නාලිකාවක් ලෙස අපට කළ හැකි උපරිම දේ සිදුකිරීම සඳහායි ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සමූහ ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ සුසාර දිනාල් මහතාගේ මඟ පෙන්වීම මත ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මෙම වැඩසටහන ආරම්භ කළේ.
ඒ අනුව විපතට පත්වූවන් වෙත ලබාදීම සඳහා ද්‍රව්‍යමය ආධාර භාරගන්නා බවට අප ප්‍රචාරය කළදා පටන් ජනතාව මෙන්ම බොහෝ ආයතනත් සිය පරිත්‍යාග අප වෙත ලබාදෙන්නට යුහුසුලුව කටයුතු කළා.
අඛණ්ඩව දිනගණනාවක් 24 පුරා පැය ක්‍රියාත්මක ස්වර්ණ ශ්‍රී සහන සත්කාර වැඩසටහනට දිවයිනේ නන්දෙසින් ජනතාවගේ සහයෝගය ලබා දුන්නා.
මේ අඛණ්ඩ මෙහෙයුම තවත් ඉදිරියට ගෙනයමින් පිසූ ආහාර පාර්සල විපතට පත්වූවන් වෙත ලබාදීම සඳහා ප්‍රජා මුළුතැන්ගෙයක් ද අප ප්‍රධාන කාර්යාලයේ පවත්වාගෙන ගියා.
ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය සමඟ එක් වූ පරිත්‍යාගශීලී හදවත් ඇති ජනතාව තමාට හැකි අයුරින් රැගෙන ආ ද්‍රව්‍යවලින් ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලය පිරී ගියා.
ඒ අනුව ස්වර්ණ ශ්‍රී සහන සත්කාර වැඩසටහනේ මීළඟ අදියර ලෙස වියළි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පීඩාවට පත් වූ ජනතාව වෙත රැගෙන යාමේ ක්‍රියාන්විතය අප ඊයේ රාත්‍රියේදී ආරම්භ කළා.
ඒ අනුව ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලයේ සිට ඊයේ රාත්‍රියේම අප කණ්ඩායම් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පිටත් වුණේ විපතට පත් අපේම ජනතාව සොයාගෙනයි.
ඒ අනුව වැලිමඩ, බදුල්ල, ත්‍රිකුණාමලය, වෙරුගල්. දෙහිඔවිට, රුවන්වැල්ල, යටියන්තොට, ගම්පොළ, මහනුවර, උඩ පළාත, ආදී ප්‍රදේශවලට ආධාර රැගෙන අප කණ්ඩායම් අද පැමිණියා.
මේ වන විට රටේ බොහෝ ප්‍රදේශවල කඳු නාය ගොස් පාරවල් අවහිර වෙලා. ගංවතුරින් දේපල විනාශ වෙලා. ඇතැම් ප්‍රදේශවලට ළඟාවීමටත් අපහසුයි. නමුත් පිළිසරණක් අවැසි අපේම සහෝදර ජනතාව තනි නොකර මානුෂීය හදවත් ඇති ඔබ දුන් ආධාරත් රැගෙන අප මෙලෙස කටයුතු කළේ.
ඒ අනුව මෙතෙක් දිනක් පුරා ඔබ ලබාදුන් වියළි ආහාර. පානීය ජල බෝතල්, ඇඳුම්, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය හා ඖෂධ වර්ග ආපදාවලින් පීඩාවට පත් ජනතාව අතට පත්වනවා සේම අද දිනයේත් ඔබට හැකි අයුරින් මේ ද්‍රව්‍ය ලබාදී අපේම ජනතාවට සහය විය හැකියි.
ස්වර්ණවාහිනි ප්‍රධාන කාර්යාලයේදී අද දිනයේත් ඔබේ ආධාර මෙලෙස භාරගනු ලබනවා.
ඔබ ලබාදෙන ඒ ආදරය සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්ගේ නිර්දේශමතම පමණක් ඒ ජනතාවට ලබාදෙන බවත් අපි ඔබට ගෞරවයෙන් සිහිපත් කරමු.
