ස්වාත් නිම්නයේ වැසියන්ට අනතුරුදායක තත්ත්වයක්

ස්වාත් නිම්නයේ වැසියන්ට අනතුරුදායක තත්ත්වයක්

පකිස්ථානයේ ස්වාත් නිම්නයේ ක්‍රියාත්මක තරෙක් ඊ තලේබාන් සංවිධානයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජය සහ එරට ආරක්ෂක අංශවලට නොහැකි වී ඇති බවට චෝදනා එල්ල වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එරට දේශපාලන අධිකාරිය ඊට නොහැකියාවක් දක්වන බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

තරෙක් ඊ තලේබාන් සංවිධානය සමග සාම ක්‍රියාවලියකට එළඹීමට නොහැකි වී ඇත්තේ හමුදාවේ අඩුපාඩු හේතුවෙන් බවට ද විදෙස් මාධ්‍ය පවසනවා.

එරට හමුදා ප්‍රධානී වන්නේ ජෙනරාල් කමාර් බජ්වායි.

කෙසේවෙතත් සිය ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජන මධ්‍යයේ ස්වාත් නිම්නයේ වැසියන් මාර්ගවලට පිවිස විරෝධතාවයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වන්නේ සන්නද්ධ සටන්කාමීන්ගෙන් එල්ල වන ප්‍රහාරයන්ට හා ජීවිත තර්ජනවලට එරෙහිවයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමත් සමග ස්වාත් නිම්නයේ ක්‍රියාත්මක තරෙක් ඊ තලේබාන් සංවිධානයේ සන්නද්ධ ක්‍රියාකාරකම් ඉහළ ගොස් තිබෙනවා.

සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ ස්වාත් නිම්නය මේවනවිට 2000 වසරේ පැවැති තත්ත්වය සිහිපත් කරවන සංධිස්ථානයක් බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්

Share This