ස්වීඩන් පරිසර ක්‍රියාකාරිනියක් බටහිර ජර්මනියේ පැවති විරෝධතාවකදී පොලිස් භාරයට ( VIDEO)

ස්වීඩන් පරිසර ක්‍රියාකාරිනියක් බටහිර ජර්මනියේ පැවති විරෝධතාවකදී පොලිස් භාරයට ( VIDEO)

බටහිර ජර්මනියේ පැවති විරෝධතාවකදී පොලිසිය විසින් කෙටි කලක් රඳවා තබා ගත් අය අතර ස්වීඩන් පරිසර ක්‍රියාකාරිනියක වන Greta Thunberg ද වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගල් අඟුරු ආකරයක් පුළුල් කිරීම සඳහා අතහැර දැමූ ලුට්සෙරාත් ගම්මානය යොදා ගැනීමෙන් එය විනාශ කිරීම නැවැත්වීමට උත්සාහ කරන ක්‍රියාකාරීන් සමඟ ඇය විරෝධතාවයේ යෙදී සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Thunberg අත්අඩංගුවට ගෙන නොමැති බව පැහැදිලි කළ එරට පොලිසිය පසුව පවසා තිබෙන්නේ හැඳුනුම්පත් පරීක්ෂාවකින් පසුව ඇය නිදහස් කළ බවයි.

අත්අඩංගුවට ගත් සියලු දෙනාට චෝදනා එල්ල නොවන බව ද නිලධාරීන් තහවුරු කර තිබෙනවා.

පතල පවතින ප්‍රාන්තය වන North Rhine-Westphalia හි ගල් අඟුරු ඉවත් කිරීම 2030 දක්වා ඉදිරියට ගෙන ඒමට එරට රජය ප්‍රතිඥා දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

රුසියාවෙන් ගෑස් ලබා ගැනීමට පවතින බාධා කිරීම් සම්බන්ධයෙන් කටයුතු කරන බැවින් ජර්මානු බලශක්ති ඉල්ලුමට සරිලන පරිදි පතල පුළුල් කළ යුතු බවයි එරට රජය පවසා තිබෙන්නේ.

විරෝධතාවයේ නිරත සංවිධායකයින් පවසා තිබෙන්නේ විරෝධතාකරුවන් 35,000 ක් පමණ පැමිණ සිටි අතර පොලිසිය පැවසුවේ එම සංඛ්‍යාව 15,000 කට ආසන්න බවයි.

Share This