සාදයක් නිසා ඉහළ රාජ්‍ය නිලධාරීන් ඇතුළු 100ක් නිරෝධායනයේ
උපන්දින සාදයකට සහභාගී වීමෙන් පසු හොංකොං හි ඉහළ රාජ්‍ය නිලධාරීන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු නිරෝධායනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
හොංකොං මේ සතියේ දැඩි නව කොවිඩ් සීමාවන් පනවනු ලැබුවා
ඔමික්‍රොන් ප්‍රභේදය පැතිර යන බව සොයා ගැනීමෙන් පසුව, බාර් සහ ජිම් වැනි ස්ථානද වසා දමා තිබෙනවා.
ප්‍රාදේශීය වාර්තා පවසන්නේ චීනයේ ඉහළම නීති සම්පාදක මණ්ඩලයේ සාමාජික විට්මන් හන්ග්ගේ උපන්දිනය සැමරීම සඳහා මෙම සාදය පවත්වා ඇති බවයි.
ආගමන ප්‍රධානී Au Ka-wang සහ ස්වදේශ කටයුතු ලේකම් Caspar Tsui සාදයේ ආරාධිතයන් අතර සිට ඇති බවත් අවම වශයෙන් නීති සම්පාදකයින් හතර දෙනෙකු ද සහභාගී වී ඇති බවයි පැවසෙන්නේ.
මේ නිලධාරීන් සියලු දෙනා හොංකොං හි Penny’s Bay නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ