සාදික්කා වගාකරුවන්ට නිසි මිලක් නොමැතිකමින් දැඩි අසීරුවකට
මහනුවර දිස්ත්රික්කයේ පහත දුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාදික්කා වගාකරුවන්ට නිසි මිලක් නොමැතිකමින් දැඩි අසීරුවකට පත්ව ඇති බව වාර්තා වනවා.
පහත දුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංකුබර, පහත දුම්බර, යටවත්ත, වත්තේගම සහ උඩුරාවන යන ප්රදේශවල සාදික්කා වගාකරුවන් දහසකට අධික පිරිසක් සාදික්කා වගාව සිදුකර ඇති බව සඳහන්.
මේ දිනවල අස්වැන්න නෙලීම ආරම්භ කර තිබුණද අස්වැන්න සඳහා වියදමට සාපේක්ෂිතව නිසි මිලක් නොමැති කමින් අසීරුතාවයට පත්ව ඇති බවත් මේ වන විට සාදික්කා කිලෝවක මිල රුපියල් 900ක මිලක් දක්වා පහත වැටී ඇති බව සාදික්ක වගාකරුවන් පෙන්වාදෙනවා.
සාදික්කා මල් සඳහා රුපියල් 5000ක මුදලක් මෙන්ම සාදික්කා ඇට කිලෝවක් සඳහා රුපියල් 1500ක පමණ මිලකට නොලැබෙන්නේ නම් සාදික්කා වගාකරුවන්ට විශාල පාඩුවක් සිදුවෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
රාජ්ය මැදිහත්වීම සිදුකොට වගාකරුවන්ට සාධාරණ මිලක් ලබාදීමට කටයුතු කරන ලෙස සාදික්කා වගාකරුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කුළුබඩු අපනයන සිදුකරන රාජ්ය අංශවලින් ඉල්ලා සිටින බව සඳහන්.