සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 88 හැවිරිදි මිසිලින් නෝනාට සම්මාන සාමාර්ථයක්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 88 හැවිරිදි මිසිලින් නෝනාට සම්මාන සාමාර්ථයක්

පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ දෙමළ භාෂාවට පෙනීසිටි 88 වියැති මිසිලින් නෝනා අත්තම්මාට සම්මාන සාමාර්ථයක් හිමිවී තිබෙනවා.

වසර 30කට පමණ ඉහතදී විශ්‍රාම ලබාගත් ගුරුමහත්මියක් වූ ඇය ස්වයං අධ්‍යනයකින් අනතුරුව මෙම විභාගයට මුහුණ දීඇති බවයි කියැවෙන්නෙ.

නුවර මඩුගල්ල විද්‍යාලයෙන් 1957 දී පත්වීම ලබාගත් මිසිලින් නෝනා වසර 40 ක් ගුරු සේවය ලබා දී ඇත.

ගුරු සේවයේ යෙදී සිටි කාලයේදී මුස්ලිම් විද්‍යාලයකට මාරුවක් ලැබීමේදී දමිළ භාෂාවේ නොහැකියාවෙන් අපහසුවට ලක්වීම , විශ්‍රාම ලබාගත් ගුරුමහත්මියක් වූ ඇයට පසුකාලීනව එම භාෂාව හැදෑරීමට පෙළඹවීමක් ඇති කරන්නට ඇතී.

Share This